නිති අසන පැන

TopWeb.LK සම්මානය සඳහා අයදුම් කළ හැකි වන්නේ කාටද?

මෙම සම්මානය .lk වෙබ් අඩවි සඳහා විවෘත වේ. ඔබගේ වෙබ් අඩවිය TopWeb.LK ඇගයීම් ක්‍රියාවලියේ නිර්ණායකවලට අනුකූලදැයි පරීක්ෂා කිරීමට “නියම සහ කොන්දේසි” වෙත පිවිසෙන්න.

TopWeb.LK සම්මානය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය කුමක්ද?

www.topweb.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට ඇති වෙබ් පිටුවට පිවිසීමෙන්.

TopWeb.LK සම්මානයට ඇතුළත් වීමට සුදුසුකම් නොලබන්නේ කවුද?

  1. පහත සඳහන් කරුණුවලට යටත්වන වෙබ් අඩවියක් නම් එවැනි වෙබ් අඩවි සම්මානය සඳහා තරඟ කිරීමට සුදුසුකම් නොලබයි.
    • නීතිවිරෝධී, අසභ්‍ය, අපවාදාත්මක, හෝ අසභ්‍ය අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි.
    • අහිතකර හෝ අපහාසාත්මක අන්තර්ගතයන් ඇති වෙබ් අඩවි.
    • LK Domain Registry කළමනාකාරීත්වය විසින් වෙනයම් හේතුවක් නිසා තරඟයට නුසුදුසු යැයි සලකන ලද වෙබ් අඩවි.
  2. .com හෝ රී ඩිරෙක්ටින් වෙබ් අඩවි මෙම සම්මානය සඳහා සුදුසුකම් නොලබයි.
  3. අයදුම් කරන අවස්ථාවේ සහ ඇගයුම් කාල සීමාව ඇතුළත කල් ඉකුත් වූ .lk ඩොමේන් නාම සහිත වෙබ් අඩවි මෙම සම්මානය සඳහා සුදුසුකම් නොලබයි.
  4. බහුභාෂා වෙබ් අඩවි මෙම තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ඒවායේ අන්තර්ගතය යුනිකෝඩ් ප්‍රමිතීන්ට අනුව තිබේ නම් පමණි.
  5. පසුගිය මාස 12 තුළ ජයග්‍රහණය කළ TopWeb.LK සම්මානලාභීන්. (උදා. 2023 පෙබරවාරි සිට 2024 ජනවාරි දක්වා TopWeb.lk ජයග්‍රාහකයින්, 2024 පෙබරවාරි TopWeb.LK සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.)

TopWeb.LK සම්මානය සඳහා ඉල්ලුම් කළ හැකි වන්නේ කවදාද?

තරඟය ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වේ.  කාල රාමුවට අනුව ලියාපදිංචි වීමට ඇති වෙබ් පිටුවේ අයදුම්පත සක්‍රීයවේ.

වෙබ් අඩවියේ සඳහන් කර ඇති අවසන් දිනයෙන් පසුව අයදුම් කළ හැකිද?

වලංගු හේතුවක් නොමැතිව, අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනයෙන් පසුව ලැබෙන ප්‍රමාද අයදුම්පත් භාර නොගැනේ.

TopWeb.LK සම්මානයේ නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන්නේ කුමන අවස්ථාවේදීද?

අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී TopWeb.LK සම්මානයේ නියමයන් සහ කොන්දේසිවලට ඔබ එකඟ වූවා සේ සැලකේ.

යොමුකරන ලද අයදුම්පත්‍රය හැර වෙනත් අමතර තොරතුරු සැපයීමට අවශ්‍යතාවක් පවතීද?

අමතර තොරතුරු ඉල්ලා සිටීමේ අයිතිය LK Domain Registry කළමනාකාරිත්වය සතුවේ, ලබා දී ඇති කාල සීමාව තුළ එම තොරතුරු යොමු කීරීමට නොහැකි වන්නේ නම්, එම අයදුම්පත් ඇගයීමට ලක් නොකෙරේ.

ඔබ ජයග්‍රාහකයින් තෝරා ගන්නේ කෙසේද?

ජයග්‍රාහී වෙබ් අඩවි තෝරාගැනීම LK Domain Registry කළමනාකාරිත්වයේ විනිශ්චය පරිදි පමණක් සිදු කෙරෙන අතර ඒ සඳහා අයදුම්කරුවන්ට බලපෑම් සිදුකළ නොහැක.

වෙබ් අඩවිවල ආරක්ෂක ගැටලුවට ප්‍රතිචාර වශයෙන් ගන්නා පියවර මොනවාද?

තරඟ කාල සීමාව තුළ, අයදුම් කරන ලද වෙබ් අඩවි ස්කෑන් කිරීමකට ලක්වේ.

TopWeb.LK සම්මානයේ ජයග්‍රාහකයින් දැනුම් දෙන්නේ කෙසේද?

ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම, ලබා දී ඇති කාල රාමුවට අනුව වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ජාලවල පල කෙරේ.

Skip to content