Skip to content

නියම සහ කොන්දේසි

සුදුසුකම් ලැබීම සඳහා වූ නිර්ණායක

  • මෙම සම්මානය .lk වෙබ් අඩවි සඳහා විවෘත වේ.
  • .com හෝ රී ඩිරෙක්ටින් වෙබ් අඩවි මෙම සම්මානය සඳහා සුදුසුකම් නොලබයි.
  • අයදුම් කිරීමේ සහ ඇගයීමේ කාල පරාසය තුළ, ඔබ අයදුම් කරන .lk වසම් නාමය සක්‍රීයව පැවතිය යුතුයි.
  • පහත සඳහන් කරුණුවලට යටත් වෙබ් අඩවියක් නම් එවැනි වෙබ් අඩවි සම්මානය සඳහා තරඟ කිරීමට සුදුසුකම් නොලබයි.
    • නීතිවිරෝධී, අසභ්‍ය, අපවාදාත්මක, හෝ අසභ්‍ය අන්තර්ගතයන් සහිත වෙබ් අඩවි.
    • අහිතකර හෝ අපහාසාත්මක අන්තර්ගතයන් ඇති වෙබ් අඩවි.
    • LK Domain Registry කළමනාකාරීත්වය විසින් වෙනයම් හේතුවක් නිසා තරඟයට නුසුදුසු යැයි සලකන ලද වෙබ් අඩවි.
  • බහුභාෂා වෙබ් අඩවි මෙම තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ඒවායේ අන්තර්ගතය යුනිකෝඩ් ප්‍රමිතීන්ට අනුව තිබේ නම් පමණි.
  • පසුගිය මාස 12 තුළ TopWeb.LK සම්මානයේ ජයග්‍රාහකයින් නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ, TopWeb.LK ලාංඡනය වසරක් සඳහා වලංගු වේ. කෙසේ වෙතත්, TopWeb.LK සම්මාන දිනු පසු එම වසරේම ඔබේ වෙබ් අඩවියේ සැලකිය යුතු වෙනස්කම් සිදු කල ඇත්නම් ඔබට නැවත ඇගයීමක් කර ගැනීමට එම වසර තුළම නැවත අයදුම් කිරීමට තෝරා ගත හැක.

BestWeb.LK සඳහා ඇතුලත්වීමේ නිර්ණායක

  • 2024 ඔක්තෝබර් සිට 2025 ජූලි දක්වා TopWeb.LK ජයග්‍රහකයින් BestWeb.LK 2025 තරඟය සඳහා ඇතුලත් වේ.
  • BestWeb.LK 2025 සඳහා අමතර අයදුම් ගාස්තුවක් අවශ්‍ය නොවේ.
  • ජයග්‍රාහකයින් නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
  • අදාළ වෙබ් අඩවි හිමිකරුවන් කාණ්ඩ තේරීම සිදුකල යුතු අතර, අවශ්‍ය අනෙකුත් තොරතුරුද සැපයිය යුතුය.
  • ඉහත සඳහන් කර ඇති කරුණු වලට අමතරව අනෙකුත් සියලුම BestWeb.LK නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

අයදුම්පත්‍ර ගාස්තුව

  • අයදුම්පත්‍ර ගාස්තුව රුපියල් 6,000 කි (VAT ඇතුළුව).
  • සාමාන්‍යයෙන්, කිසිදුතත්වයක් යටතේ අයදුම්පත්‍ර ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ.

අයදුම්කරුවන් සඳහා වන නිර්ණායක

  • මෙම සම්මාන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලැබීමට ඩොමේන් ලියාපදිංචිකරු හට (registrant), වෙබ් නිර්මාණකරුවන් සහ වෙනත් පාර්ශවයන් හට දැන් අයදුම් කල හැකියි. කෙසේ වෙතත්, ඇගයීම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ඩොමේන් ලියාපදිංචිකරු හට (registrant) හෝ අඩවි පරිපාලක (admin) අනුමැතිය අවශ්‍ය වේ. අතිරේකව, TopWeb.LK වාර්තාව ඩොමේන් ලියාපදිංචිකරු (registrant), අඩවි පරිපාලක (admin), තාක්ෂණික (technical) හෝ බිල්පත් (billing) සම්බන්ධතා වෙත පමණක් යවනු ලැබේ.
  • gov.lk, ac.lk හෝ sch.lk අයදුම් කිරීමේදී, දෙපාර්තමේන්තු ප්‍රධානියා, ආයතන ප්‍රධානියා හෝ පාසල් විදුහල්පතිවරයා විසින් එකඟතාවය පළකරන ලිපියක් අනිවාර්ය වේ. අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීමේදී මෙම ලිපිය ඉදිරිපත් කළ යුතුයි. [එම ලිපියේ ආකෘතිය මෙතනින් බාගත කරන්න]
  • ඔබ අයදුම්පත යොමු කිරීමෙන් පසු අයදුම්පත් ගාස්තුව ගෙවිය යුතු අතර දැනට පවතින වට්ටම් මත පදනම්ව එම ගාස්තුව වෙනස් විය හැක. LK Domain Registry කළමනාකාරීත්වය විසින් පහත ක්‍රම මගින් සිදු කරනු ලබන ගෙවීම් පමණක් පිළිගනු ඇත.
    • Debit හෝ Credit කාඩ්පත් (VISA/ Master)
    • Sampath Vishwa
    • Dialog eZ Cash
  • අයදුම් කිරීමේ ගාස්තුව අපගේ පද්ධතිය හරහා සෘජුවම ගෙවිය හැකි අතර කිසිදුතත්වයක් යටතේ අයදුම්පත්‍ර ගාස්තුව ආපසු ගෙවනු නොලැබේ.
  • අයදුම්කරු විසින් සියලුම ඊමේල් සඳහා ප්‍රතිචාර දැක්විය යුතුයි.
  • සියලුම අයදුම්කරුවන් ඔවුන් විසින් ලබාදෙන ඊමේල් හෝ දුරකථන අංක මගින් සම්බන්ධ කර ගත හැකි විය යුතුය.
  • [email protected] වෙතින් එවන ඊමේල් පනිවිඩය ලැබුණු පසු, අදාළ අයදුම්කරු තරඟය සඳහා ඇතුළත් වූ බවට සලකනු ලැබේ.

තෝරාගැනීමේ නිර්ණායකයන්

  • LK Domain Registry කළමනාකාරීත්වය හෝ කණ්ඩායම විසින් තරඟයට ඉදිරිපත් වූ වෙබ් අඩවි සමාලෝචනය කරනු ඇත.
  • ඇගයීම් නිර්ණායකවලට අනුව LK Domain Registry කණ්ඩායම විසින් තරඟයට ඉදිරිපත් කළ වෙබ් අඩවි විනිශ්චය කර ඇගයීමට ලක් කෙරේ.
  • ජයග්‍රාහී වෙබ් අඩවි තෝරාගැනීම LK Domain Registry කළමනාකාරිත්වයේ විනිශ්චය පරිදි පමණක් සිදු කෙරෙන අතර ඒ සඳහා අයදුම්කරුවන්ට බලපෑම් සිදුකළ නොහැක.
  • තරඟ කාල සීමාව තුළ, අයදුම් කරන ලද වෙබ් අඩවි ස්කෑන් කිරීමකට ලක්වේ.

ප්‍රවර්ධන පැකේජයන්

  • ජයග්‍රාහකයින් හට, කැමති නම්, [email protected] වෙත ඊමේල් පනිවිඩයක් යැවීමෙන් ඔවුන් කැමති ප්‍රවර්ධන පැකේජය TopWeb කණ්ඩායමට දැනුම් දිය හැක.
  • ප්‍රවර්ධන පැකේජ පිරිවැය අයදුම්කරුවන් විසින් තමන්ට ඉන්වොයිසිය නිකුත් කළ පසු ගෙවිය යුතුය. මෙම ගෙවීම පද්ධතිය හරහා හෝ දැනට පවතින ඩිජිටල් මුදල් පසුම්බියේ (wallet) ශේෂයෙන් අඩු කිරීම මඟින් සිදු කළ නොහැක.
  • ජයග්‍රාහකයා/ජයග්‍රාහකයින් විසින් ගෙවීම සිදු කළ පසු TopWeb කණ්ඩායම සිය කටයුතු ආරම්භ කරනු ඇත.
  • ගෙවන ලද ජයග්‍රාහක පැකේජ ගාස්තු ආපසු ගෙවනු නොලැබේ.

ප්ජයග්‍රාහකයා සහ e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීමේ නිර්ණායකයන්

  • e-ලාංඡනය භාවිතය පිළිබඳව ජයග්‍රාහකයින්ට ඊමේල් පනිවිඩයක් මඟින් දැනුම් දෙනු ලැබේ. සම්මානය ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම e-ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සියලුම ජයග්‍රාහකයින් සඳහා අනිවාර්ය වේ. ඔවුන්ට දින 30 ක කාලයක් තුළ මෙය යාවත්කාලීන කිරීමට නොහැකි නම්, ඔවුන් ජයග්‍රහණය කළ සම්මානය LK Domain Registry කළමනාකාරීත්වයට අවලංගු කළ හැක.
  • වෙබ් අඩවියේ e-ලාංඡනය ප්‍රදර්ශනය කරන විට, TopWeb කණ්ඩායම විසින් සපයනු ලබන මාර්ගෝපදේශ පිළිපැදීම සහ TopWeb කණ්ඩායම විසින් සපයන ලද URL ලිපිනයට e-ලාංඡනය සම්බන්ධ කිරීම වැදගත් වේ.
  • LK Domain Registry කළමනාකාරීත්වයට පහත සඳහන් හේතු නිසා ජයග්‍රහණය කළ සම්මානය ජයග්‍රාහකයාගෙන් ඉවත් කර ගැනීමට බලය ඇත; නමුත් එය එම කාරණාවලට පමණක් සීමා නොවේ:
    • ඇතැම් ආරක්ෂක ගැටලු මතු වූ විට,
    • වෙබ් අඩවියට පිවිසිය නොහැකි විට,
    • ජයග්‍රහණය කළ සම්මානය අනිසි ලෙස භාවිත කිරීම,
    • TopWeb.LK ලාංඡනය ප්‍රදර්ශනය කර නැතිනම්.

පොදු

  • ඔබ ඉදිරිපත් කරන ඕනෑම අන්තර්ගතයක් අන් අයගේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය නොවන බව සහතික කිරීම සඳහා ඔබ වගකිව යුතුය. ඔබ අවසරයකින් තොරව ප්‍රකාශන හිමිකම සහිත අන්තර්ගතය භාවිතා කර ඇති බව අනාවරණය වුවහොත්, ඔබේ අයදුම් පත හෝ සම්මානය අවලංගු කළ හැකිය. ඔබ ප්‍රකාශන හිමිකම සහිත අන්තර්ගතය භාවිතා කිරීමෙන් පැන නගින ඕනෑම සහ සියලුම හිමිකම් වලින් සංවිධායකයින්ට වන්දි ගෙවීමට ඔබ එකඟ වේ.
  • ඇගයීම් ක්‍රියාවලිය අතරතුර යම්කිසි එකඟ නොවීමක් ඇති වුවහොත්, LK Domain Registry කළමනාකාරිත්වය විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වශයෙන් සලකනු ලැබේ.
  • නම් සහ ව්‍යාපාර ලිපිනයන්, දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපිනයන් ඇතුළුව අයදුම්කරුවන් පිළිබඳ ඇතැම් තොරතුරු තෙවන පාර්ශවයකට බෙදා හැරීමේ අයිතිය LK Domain Registry කළමනාකාරීත්වය සතු වේ.
  • යාවත්කාලීන කිරීම් සහ සිදු කරනු ලබන වෙනස්කම් අපගේ වෙබ් අඩවියේ පළ කිරීමෙන්, මෙම නියමයන් සහ කොන්දේසි, නිර්ණායක හෝ ඕනෑම මෙහෙයුම් රීතියක් යාවත්කාලීන කිරීම, වෙනස් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීමේ පූර්ණ අයිතිය අප සතුව පවතී. වෙනස්කම් සඳහා අපගේ වෙබ් අඩවිය වරින් වර පරීක්ෂා කිරීම ඔබ සතු වගකීමකි. ඉහත දක්වා ඇති කොන්දේසිවල යම් යම් වෙනස්කම් පළ කිරීමෙන් පසුව ද ඔබ අපගේ වෙබ් අඩවියට අඛණ්ඩව පිවිසෙන්නේ නම්, ඔබ එම වෙනස්කම් පිළිගන්නවා සේ සැලකේ.